Life
සිරුරේ කැල්සියම් අඩු වූ විට මතුවන රෝග
ශරීරයේ මාංශ පේශී ක්‍රියාකාරිත්වයට හෘදය වස්තුවේ මස්පිඩුවල ඇති සියුම් ලේ
නහරවල සංකෝචනය සඳහා එන්සයිමවල ක්‍රියාකාරිත්වය සඳහා රුධිරය කැටිගැසීම සඳහා
අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් හෝමෝනය ශරීරය වෙත මුදාහැරීම සඳහා
තයිරොයිඩ් හෝමෝනය පාලනය සඳහා ආදී ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් රැසකට
කැල්සියම් අත්‍යවශ්‍ය සංඝටකයක් බවට පත්ව තිබෙනවා.
වර්තමානයේ අප රටේ
වකුගඩු රෝගවලට ලක්ව නිවැරැදි ප්‍රතිකාර ලබාගන්නා පිරිස හා සමානව නිවැරැදි
නොවන ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුව සිටින පිරිසක් ද සිටිති.
එසේම හෝමෝන අසමතුලිතතාව නිසා රෝගී ව සිටින පිරිස ද දිනෙන් දින ඉහළ යන්නට පටන්ගෙන ඇත.
මෙම
තත්ත්වය නිසා වෙනදා අප නිතර නොදුටු රෝග මේ වන විට නිතර දකින අවදානමක්
මතුව තිබේ. කැල්සියම් ඌණතාවය ද එලෙස හිස ඔසවන රෝග තත්ත්වයක් බවට පත්ව ඇත.
වෛද්‍යතුමනි, කැල්සියම් අපගේ ශරීරයට අත්‍යවශ්‍යවන්නේ වන්නේ ඇයි?
අපගේ
ශරීරයේ අස්ථිවල වර්ධනයට ඒවා ශක්තිමත් වීමට අවශ්‍ය ප්‍රධාන සංඝටකයක්
වනුයේ කැල්සියම් ය. දත්වල ශක්තිමත් බව සඳහා ද කැල්සියම් අත්‍යවශ්‍ය මූල
ද්‍රව්‍යයකි.
ශරීරයේ මාංශ පේශී ක්‍රියාකාරිත්වයට හෘදය වස්තුවේ
මස්පිඩුවල ඇති සියුම් ලේ නහරවල සංකෝචනය සඳහා එන්සයිමවල ක්‍රියාකාරිත්වය
සඳහා රුධිරය කැටිගැසීම සඳහා අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් හෝමෝනය ශරීරය
වෙත මුදාහැරීම සඳහා තයිරොයිඩ් හෝමෝනය පාලනය සඳහා ආදී ශරීරයේ අත්‍යවශ්‍ය
ක්‍රියාකාරකම් රැසකට කැල්සියම් අත්‍යවශ්‍ය සංඝටකයක් බවට පත්ව තිබෙනවා.
වෛද්‍යතුමනි, දිනකට අපට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය කොපමණද?
එය පුද්ගලයාගෙන් පුද්ගලයාට, වයස අනුව තීරණය වෙනවා.
සාමාන්‍ය
වැඩිහිටියකුට දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 1000 ක් (1000 ඵට) අවශ්‍ය
වෙනව. කිරි දෙන මවකට දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 1500 ක් (1500 ඵට) පමණ
අවශ්‍ය වෙනවා.
වෛද්‍යතුමනි, ශරීරයට අවශ්‍ය කැල්සියම් ලැබෙන්නේ කෙසේද?
අප
ගනු ලබන කිරි, බිත්තර, මාළු, චීස්, බටර්, කිරි ආශ්රිත නිෂ්පාදන කළ ආහාර,
පොඩි මාළු වර්ග ආදියෙන් ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකියි.
ශරීරයට
ලැබෙන කැල්සියම් මනාව අවශෝෂණය කර ගැනීම සඳහා විටමින් 'ඩී' අවශ්‍යයි. එම
විටමින් 'ඩී' අපට හිරු එළිය මඟින් සහ ආහාර මඟින් ලෙස ක්‍රම දෙකකින් ශරීරයට
හිමි වෙනවා.
කිරි, බිත්තර, මාළු, චීස්, බටර් ආදියේ විටමින් 'ඩී'
තිබෙනවා. එනිසා කැල්සියම් ලබාගැනීම සඳහා ගනු ලබන ආහාර පාන වලින්ම විටමින්
'ඩී' ලබාගැනීමට හැකියාව පවතිනවා.
වෛද්‍යතුමනි, අපගේ ශරීරයට අවශ්‍ය කැල්සියම් අඩුවන්නේ කෙසේද?
ආහාර
මගින් කැල්සියම් සහ විටමින් ඩී නිසි ලෙස නොලැබෙන අවස්ථාවලදී සහ ආහාර
ජීර්ණ පද්ධතියේ ගැටලු නිසාත් කැල්සියම් අපගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා
අඩුවීම සිදුවෙනවා. ඊට අමතරව පැරාතයිරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතාව නිසා
කැල්සියම් ඌණතා මතුවෙනවා. වකුගඩුවල පවතින රෝග නිසා කැල්සියම් ඌණතා
හටගන්නවා.
ඇතැම් පුද්ගලයන්ට උපතින්ම ඇතිවන රෝග නිසා කැල්සියම් නිපදවීම අඩුවෙනවා.
වෛද්‍යතුමනි, කැල්සියම් අඩුවූ විට ශරීරයේ හටගන්නා රෝගාබාධ මොනවාද ?
යම්
පුද්ගලයකුගේ ශරීරයේ කැල්සියම් ඌණතාවක් ඇතිවූ විට ස්නායු
ක්‍රියාකාරිත්වයේ දුර්වලතා මතුවෙනවා. මස් පිඩුවල ක්‍රියාකාරිත්වයේ
දුර්වලතා හටගන්නවා. නිතර නිතර මස් පිඩු පෙරළීමට ලක්වන්නේ මෙලෙස මස් පිඩු
ක්‍රියාකාරීත්වය දුර්වල වූ විටදීය.
කැල්සියම් අඩු වූ විටදී මුහුණේ සහ කට වටේට හිරිවැටීමක් හටගන්නවා.
කැල්සියම් ඉතා විශාල ලෙස අඩු වූ විට හෘද ස්පන්ධනය අඩු වෙනවා. මොළයේ ක්රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවී සිහිකල්පනාව අඩුවෙනවා.
කුඩා දරුවන්ට රිකට්සි රෝගය මතුවන්නේ කැල්සියම් සහ විටමින් 'ඩී' ඌණතා ඇති වූ විටදී ය. එවිට එම දරුවන්ගේ අත් පාවල විකෘතිතා මතුවෙනවා.
වැඩිහිටියන්ට කැල්සියම් සහ විටමින් 'ඩී' අඩු වූ විට මතුවන රෝගයක් වනුයේ ඔස්ටියෝ මැලේසියා රෝගී තත්ත්වයයි.
එවිට ඔවුන්ගේ අස්ථිවල ශක්තිමත් බව අඩුවෙනවා. ඉතා ඉක්මනින් අස්ථි බිඳී යැමට ලක්වන්නේ මෙවැනි අවස්ථාවලදී ය.
වෛද්‍යතුමනි, කැල්සියම් සහ විටමින් 'ඩී' අඩු වූ පුද්ගලයන්ට ලබාදෙන ප්‍රතිකාර මොනවාද?
මතුව
ඇති රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතුයි. පැරාතයිරොයිඩ් ග්‍රන්ථිවල
ක්රියාකාරීත්වයේ දුර්වලතා නිසා එම ග්‍රන්ථිය මඟින් නිපදවන පැරාතයිරොයිඩ්
හෝමෝනය අඩුවීමෙන් කැල්සියම් අඩුවෙනවා නම් ඊට අදාළව ප්‍රතිකාර කළ යුතුයි.
වකුගඩු රෝගයක් නිසා කැල්සියම් අඩුවෙනවා නම් අදාළ වකුගඩු රෝගයට නිසි ප්‍රතිකාර කරමින් කැල්සියම් ඌණතාව නැති කළ යුතුයි.
විශේෂයෙන්ම
වකුගඩු රෝගීන් තම සිරුරේ කැල්සියම් සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර
ලබාගැනීම අත්‍යවශ්‍ය බව කිව යුතුයි. එසේ නොවුණහොත් අස්ථි පද්ධතියේ සහ
අනෙකුත් ඉන්ද්රිය වල කැල්සියම් අඩුවීම නිසා බරපතළ රෝග තත්ත්වයක් මතුවිය
හැකියි.
කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
ප්‍රසාද් කටුලන්ද
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks